අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ. එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.

ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ. ජිවිතයේ වැටෙන හැම මොහොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ.

මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා...තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කල කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න.


කෙදිරිලි හඩින්

නිවස පුරා පැතිර තිබුනේ පාළු මූසල බවක්.මවගේ කෙදිරිලි හඩින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය බිදී ගියා. ඒ හඩට සවන් යොමා සිටි පුංචි සැලී ඇගේ පියා කලබලයෙන් නිවස පුරා ඇවිද යන ආකාරය බලා සිටියේ සංවේගයෙන්. විටක මව සිටි කාමරයට ඇතුල් වී මවගේ හිස අත ගෑ ඔහු තවත් විටක නිවස ඉදිරියට විත් මාවතේ ඈත කෙලවර දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන.

"තාත්තේ..."
හෙමින් හෙමින් පියා අසලට ඇදුනු සැලී ඇගේ හඩ අවදි කලා
"ඇම්බියුලන්ස් එක තවම නැත්තේ ඇයි?"
"දැන් ලගම එනවා ඇති දුවේ" යැයි සැලීට පිලිතුරු දුන් පියා ඇයව තම තුරුලට ගත්තා.
"දුවට බයයිද? බය වෙන්න එපා දුවේ...මම ඉන්නවානේ"යැයි පියා පැවසුවේ පුංචි සැලීගේ සිතේ කැකෑරෙන බිය සහ ශෝකය ඔහුට දැනුනු නිසාවෙන්.
මද වේලාවකින් හඩ නංවමින් පැමිනි ගිලන් රථයක් නිවස අසල නැවැත්වූ අතර ඉන් බැස ගත් වෛද්යලවරියක් සහ හෙදියන් දෙදෙනෙක් හනික නිවස තුලට පැමිනියා.ඔවුන් සුව පහසු අසුනක මවව හිදවා ඇයව ගිලන් රථය වෙත රැගෙන යන ආකාරය කදුළු පුරවා ගත් දෙනෙතින් යුතුව සැලී බලා සිටියා.
පියා වෙත සෙමින් සෙමින් ලං වූ ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා,
"තාත්තේ...අම්මා මැරෙයිද?"
පුංචි සැලී දෙස ආදරණීයව බැලූ පියා ඇයට පිලිතුරු දුන්නා
"නෑ දුවේ අම්මාට මොකුත්ම වෙන්නේ නෑ...තව ටික දවසකින් දුවට මල්ලි පැටියෙකුත් අරගෙන අම්මා ගෙදර ඒවි"
සැලීගේ දෙනෙත් විශාල වුනා...මුහුන ආලෝකවත් උනා...ඇගේ මුව පුරා ඇදී ගියේ සුන් දර සිනහවක්...
දින කිහිපයක් ගෙවී ගියා.මව යලිත් නිවසට පැමිනියා,ඇය පැමිනියේ තනිවම නොවේ, සැලීට පුංචි හුරුබුහුටි මල්ලියෙකුත් සමගයි. ඔහුට ජෝජ් යැයි නමක් යෝජනා කලේ සැලීමයි.
කාලය ගෙවී ගියා,දැන් සැලීට වයස අවුරුදු 8ක්. දිනක් ඇගේ මව සහ පියා ඇයගේ පුංචි සොහොයුරා ජෝජ් පිලිබදව කල කතාවක් ඇයට ඇසුනා.ඔහු මාරාන්තික අසනීපයකින් පසුවන බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කල හැකි සියල්ල තම මව සහ පියා කර ඇති බවත් සැලීගේ පුංචි මොළයට වැටහුනා.වෛද්යිවරුන්ට අනූව ඉතා විශාල මුදලක් වැය වන ශල්යුකර්මයකින් කුඩා ජෝජ්ගේ දිවි බේරා ගැනීමට හැකි වන නමුත් එවැනි විශාල මුදලක් දැරීමට සැලීගේ මවට සහ පියාට හැකියාවක් නැහැ.
"දැන් ඉතින් පුතාව බේරගන්න වෙන්නේ හාස්කමකින් විතරයි" පියා දුක්මුසු හඩින් මව සමග පවසන අයුරු සැලීට ඇසුනා.
"හාස්කමක්? ඒවා කොහේද තියෙන්නේ?" සැලීට ප්රිශ්ණයක්.
හනික තම නිදන කාමරයට දිව ගිය සැලී සගවා තිබූ තැනින් තමන්ගේ කැටය අතට ගත් අතර හනික එය බිද දැමූ ඇය එහි තිබූ මුදල් ගණන් කිරීමට පටන් ගත්තා.කුඩා වියේ සිටම මව සහ පියා ලබා දුන් මුදල් ඉතිරිකිරීමට හුරු වී සිටි නිසා ඇගේ කැටයේ සෑහෙන ප්ර මානයක මුදලක් ඉතිරි වී තිබුනා. කැටයේ පිරී තිබූ මුදල් තෙවරක්ම ගැන බැලූ සැලී අවසානයේ ඒවා රැගෙන නිවස අසල තිබුනු ඖෂධ සැල වෙත ගියා.
ඖෂධ සැලට ඇතුල් වූ සැලී ඖෂධ සැලේ සේවකයෙකුගේ අවධානය ඇය වෙත යොමු වන තෙක් බලා සිටියත් කාර්යබහුලව සිටි ඔවුන් කිසිවෙකුගේ අවධානය ඇය වෙත යොමු වුනේ නෑ .අවසානයේ තම පසුම්බියෙන් කාසියක් අතට ගත් ඇය එයින් මේසයට තට්ටු කල අතර එය ඇසුනු මුදල් අයකැමි කාන්තාව පුංචි සැලී දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා.
"මොකද?" 

"මම ආවේ මගේ මල්ලී ගැන කතා කරන්න..." සැලී සිහින් හඩින් පිලිතුරු දුන්නා,
"එයාට තවම වයස අවුරුදු දෙකයි...එයා ගොඩක් ලෙඩින්...මට එයාව හොද කරන්න හාස්කමක් ගන්න ඕනෙ...ඇන්ටිලා ලග හාස්කම් තියනවද?"
මුදල් අයකැමි කාන්තාව තුෂ්නිම් භූත වුනා.
"මොකද්ද දරුවෝ කිව්වේ..මට තේරුනේ නෑ" ඇය යලිත් විමසුවා.
"තාත්තා කිව්වා මගේ මල්ලීව හොද කරන්න පුලුවන් හාස්කමකට විතරයි කියලා...මට මල්ලිව හොද කරගන්න ඕනේ..අනේ ඇන්ටි හාස්කමක් කීයද?"
සැලී හැඩුම්බරව ඇසුවා.
"අපි ලග හාස්කම් විකුනන්න නෑ දරුවෝ..."මුදල් අයකැමි කාන්තාව සෙමින් පැවසුවත් සැලී පරාජය බාර ගත්තේ නෑ.
"අනේ ඇන්ටි මගේ ලග සල්ලී තියනවා...මම සල්ලි දෙන්නම්..."
මෙවිට පිලිවෙලට හැද පැලද ගත් මහළු මිනිසෙක් සැලී අසලට පැමිනියා,
"ඔයාගේ මල්ලිට මොන වගේ හාස්කමක්ද ඕනේ දරුවෝ"? ඔහු කරුණාවන්ත හඩකින් සැලීගෙන් විමසුවා.
"මම දන්නේ නෑ අංකල්" සැලීගේ දෙනෙතින් කදුලු ගලා ගියා.
"මගෙ මල්ලිට ගොඩක් අසනීපයි...එයාව හොද කරන්න ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු...ඒත් මගේ අම්මටයි තාත්තටයි එච්චර සල්ලි නෑ...ඒ නිසා මගේ ලග තිබුනු සල්ලි අරගෙන මම ආවා හාස්කමක් ගන්න"
"ඉතින් පුතා ලග සල්ලි කොච්චර තියනවද"?ඔහු ඇසුවා.
"ඩොලර් එකයි සත එකොලහක් තියනවා අංකල්" සැලී ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.
"හරි පුදුමයි" සිනා සෙන ගමන් මහලු මිනිසා පැවසුවා,
"මල්ලි කෙනෙක්ව බේරගන්න තියන හාස්කමේ ගාණ හරියටම ඩොලර් එකයි සත එකොලහයි"
එක් අතකින් දැරියගේ අත තිබූ මුදල් ගත් ඔහ් අනෙම් අතින් දැරියගේ අතක් අල්ලා ගත්තා,
"මාව දුවගේ ගෙදරට එක්ක යන්නකෝ එහෙනම්...මට දුවගේ මල්ලිව බලන්න ඕනේ... දුවගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නත් ඕනේ"
ඔහු පැවසුවා.
ඒ මහලු මිනිසා වෛද්යන කාල්ටන් ආම්ස්ට්රෝඅන් වූ අතර ඔහු ඉතා දක්ෂේ ශල්යව වෛද්යතවරයෙක් ලෙස එකල පිලි ගැනුනා.
ඔහු කුඩා ජෝජ්ගේ ශල්ය්කර්මය බාර ගත් අතර ඔහු එය සිදු කලේ කිසිදු ගාස්තුවකින් තොරවයි. ශල්යහකර්මය සාර්ථක වූ අතර කුඩා ජෝජ් ඉතා ඉක්මනින් සුවය ලැබුවා.
නිවසට පැමින කෙලිදෙලෙන් පසු වූ ජෝජ් දෙස බැලූ මව පියාට මෙසේ මිමිනුවා
"මට නම් මේ ඔපරේෂන් එක ගැන හිතා ගන්නවත් බෑ...මේක හාස්කමක් වගේ...ඇත්තටම මේකට කීයක් යන්න ඇතිද?"
සැලී තනිවම සිනා සුනා...ඇය දැන සිටියා හාස්කමක මිල...එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි.

නැව ගිලුනත් බෑං චූං.

1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.
 
2) සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා.සමහරු ඔහුට හූ තිබබා.ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා..චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියල.එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ .ඒ තමා අපි කව්රුත් හදුරන එච් ආර් ජෝතිපාල ජනප්‍රිය ගායක ශිල්පියා.
 
3) අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා.ඔහු පන්තියේ හැමදාමත් අන්තීමය උන.කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ.දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියල.ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ද විද්වතා ඇල්බට් අයින්ස්ටයින් .
 
3) අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා.ඔහු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග.අනුන්ගේ කඩපිලි වල.තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුව.ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න.එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හැඩුවා..ඔහුගේ නම චාලි චැප්ලින්.
 
4) තරුණ වියේදී එක තරුනයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරප දැමුවා.ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න.ඔහු උත්සාය අත ඇරියේ නැහැ.තමා සීනයක් ව ප්‍රර්ථනා කරපු උපාදිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා.ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා.
 
5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා.ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා..එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා.අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා..මේ තමා ජේ.ආර් රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය "හැරි පොටර් " නවකතාවේ ඉතිහාසය.
 
6) වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුනයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා."උබට සින්දු කියන්න බෑ උබට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි" සමාගමේ අය්තිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු නිසා....එහෙත් තරුණය එහින් සැලුනේ නෑ..ඔහු නැවත නැවතත් උත්සා කලා.ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා "එල්විස් ප්‍රෙස්ලි " නමින්.
 
7) දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා.කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා.කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සදන්නෙකු ලෙසත් සේවය කලා.ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන.දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා.ඒ ඒබ්‍රහම් ලින්කන්.