වැඩිහිටි කතා

දවසට දෙපාරක්.
 
අසංක දොස්තර හම්බවෙන්න ගිහින් මෙහෙම අහුවා
Doctor මට ලොකු ප්රශ්නයක් තියනවා.. මගේ Sex Feelings හොදටම වැඩි.
හ්ම්ම්... සතියකට කීපාරක් SEX කරනවද?
සතියකට !!
දවසට දෙපාරක් අපේ wife එක්ක.
හ්ම්ම්... ඒකනම් එච්චර වැඩි නෑ...
විතරක් නෙමෙයි Doctor දවසට දෙපාරක් office එකේ secretary එක්ක.
ඒක නම් ටිකක් වැඩි තමයි. ඒත් මේවා ඉතින් වෙන දේවල් නේ 
උනාට Doctor මම තව ගනිකාවක් එක්කත් දෙපාරක් ඉන්නවා.
මොනවා මනුස්සයො..... ඕක හරියන්නෙ නෑ... අත පාවිච්චි කරන්න පුරුදු වෙනව..
ඒකත් දවසට දෙපාරක් Doctor!!
Doctor ට සිහි නැති වුනා !!!!!


   
රාළහාමිගේ කුප්පිය.

වයස අවුරුදු 90 වෙන රාළහාමි දවසක් ලෙඩකට බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ලගට ගියා. මේ ලෙඩේ සම්බන්දව පරීක්‍ෂා කරන්න ලෙඩාගේ පුරුෂ ධාතු සාම්පල් එකකුත් ඕනි නිසා දොස්‍තර මහත්තයා පොඩි කුප්පියක් දීලා කිව්වා

"රාළහාමි  මහත්තයා මේ කුප්පිය ගෙදර අරන් ගිහින් හෙට එනකොට මේකට පුරුෂ ධාතු ටිකකුත් අරගෙන එන්න" කියලා.

පහුවදා රාළහාමි වෙලාවට ඇවිත් කුප්පිය දොස්තර මහත්තයාට දුන්නත් කුප්පිය කලින් දවසේ දුන්න වගේමයි, ඒකේ මොනවත් නෑ.ඉතින් දොස්තර මහත්තයා ඇහුවා ඒ ඇයි කියලා.

"අනේ දොස්තර මහත්තයෝ මේකයි උනේ, මම ඉස්සෙල්ලාම මගේ දකුණු අතෙන් ට්‍රයි කලා බැරි උනා, පස්සේ වම් අතෙන් ට්‍රයි කලා ඒත් බැරි උනා, මගේ හාමිනේට කතා කරලා කිව්වා, ඇවිත් දකුණු අතෙන් ට්‍රයි කලා බැරි උනා, පස්සේ වම් අතෙන් ට්‍රයි කලා ඒත් බැරි උනා, අත් දෙකෙන්ම ට්‍රයි කලා ඒත් බැරි උනා,

පස්සේ හාමිනේ කටෙන් ට්‍රයි කලා ඉස්සෙල්ලාම දත් සෙට් එක ගලවලා ට්‍රයි කලා බැරි උනා, දත් සෙට් එක දාල ට්‍රයි කලා ඒත් බැරි උනා. බැරිම තැන අල්ලපු ගෙදර කෙල්ලටත් කතා කරල බැලුවා, ඒකිත් ඇවිත් අත් දෙකෙන්ම ට්‍රයි කරලා බැරිම තැන කකුල් දෙකෙනුත් ට්‍රයි කලා, ඒ මොනවා කලත් බැරි උනා දොස්තර මහත්තයෝ" රාළහාමි අසරණව කිව්වා.

මේක අහන් හිටපු දොස්තර මහත්තයාට කැරකිල්ල වගේ.පුදුමෙන් රාළහාමි දිහා බලන් හිටපු  දොස්තර මහත්තයා!!

"අල්ලපු ගෙදර කෙල්ලටත් කතා කලාද?" කියලා පුදුමෙන් ඇහුවා.

"ඔව් දොස්තර මහත්තයෝ.
ඉතින් කොයි එකටත් ඒකිව නේ කතා කර ගන්නේ

මොනවා කලත් මේ කුප්පිය ඇර ගන්න බැරි උනානේ" රාළහාමි කිව්වා...



 
හාට් ඇටෑක් එකක්
 
දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා. ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.

"මොකද මොකද ඔයාට උනේ" මිනිහා කලබලෙන් ඇහුවා.

"අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.

ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව මිනිහා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි මිනිහගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩ අඩා කියනවා

"තාත්තේ!!! තාත්තේ !!!!  එහා ගෙදර ජොන්සන් අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා.
එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.
 
මේක අහපු මිනිහා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
වයිෆ් අඩ අඩා මෙයාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.

අල්මාරිය ලගට දුවගෙන ගිය මිනිහා අල්මාරියේ දොර ඇරියා. හිතුවා වගේම මිස්ටර්  ජොන්සන් ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී. "තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න??
 
ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්" මිනිහා කෑ ගහලා කිව්වා.